Monday 10 February 2020

SL Liya Ayubovan Fun & Knowledge

1 comment:

  1. ඇතැමුන්ගේ අදහස් වන්නේ හෙළයන්ගේ ලෝකය ඉන්දියන් සාගරයෙන් වට වූ මේ පුංචි දිවයින පමණක් බවයි.ඉන් එහා ලෝකයක් දුටුවේ විවෘත ආර්ථිකයෙන් පසුව බවත් ඇතැමකු සිතා සිටී.එහෙත් මීට වසර පන්දහසකට පෙර ද අප මහා රාවණා සමයේදී විදේශයන් සමග බොහෝ සම්බන්ධතා පවත්වා ඇත.
    මහා රාවණා රජුට නමස්කාර කරන සුවිශේෂී ස්තෝත්‍ර ගණනාවක් පවතිනවා. ඉන් එක ස්තෝත්‍රයක් ආරම්භයේ මෙසේ සදහන් වනවා.

    “නමම් මම් ජිත් රාවෝ…
    සද්ධම් මම් ලෙව් සුඛම්…”

    රාවණා පරපුර “රාවෝ” පෙළපත නමින් ලොව ප්‍රකට වූ බව සත්‍යක්. ඊජිප්තු වාසීන් පවා රාවෝ පෙළපත්ට ගෞරව කළා. නායකයෙකු සිටින විට උප නායකයෙකු සිටින්නා සේ,රාවෝ පෙළපතට උප පෙළපතක් සේ ඊජිප්තුවේ “පාරාවෝ” පෙළපත ආරම්භ කළා.මෙම කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට අවශ්‍ය නම් අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂාකර බැලිය හැක. ඊජිප්තු වැසියන් අදටත් අදහන්නේ “රා” දෙවියන්ව.රා දෙවියන් ආකාශ ඔරුවෙන් පැමිණ ඔවුන්ගේ ආත්මය සූර්යයා කරා රැගෙන යන බවයි පාරාවෝ පෙළපතේ විශ්වාසය.





    කවුද මේ රා දෙවියන්? කුමක්ද මේ ආකාශ ඔරුව? මේ කියවෙන්නේ අප මහා රාවණයන් ගැන නොවේද? ආකාශ තරණය කරන ජාතියක් මෙලොව සිටියා නම් ඒ අභිමානවත් හෙළ ජාතිය පමණි.

    වසර 1923 දී ඉන්දියාවේ බැංගලෝරයේ තිබී හමුවන “වෛමානික ශාස්ත්‍රය” නැමති ග්‍රන්ථයේ රාවණා රජුගේ ගුවන් රහස් පිළිබඳ ඉතා අනර්ඝ ලෙස සඳහන් වනවා. “භාරද්වාජ” නම් පඬිවරයා විසින් මෙය රචනා කළ බව ඉන්දියානු මතයයි. මෙහි සඳහන් පරිදි රාවණා රජු හට විමාන වර්ග 4ක් පැවත තිබෙනවා.


    ශකුණ විමාන :
    මෙය කුරුල්ලෙකුගේ හැඩය ගන්නා අතර වේගය අඩු කිරීම සඳහා පියාපත් දිගහැර ගැනීම කෙරේ. වේගය වැඩිවන විට තටු හැකිලී පවතී.
    සුන්දර විමාන :
    වෘත්තාකාර හැඩයෙන් යුක්තයි. පියාඹන පීරිසි ලෙස බහුලව දැනගැනීමට ලැබී ඇත්තේ මෙයයි.
    ත්‍රිපුර විමාන :
    තට්ටු තුනකින් යුක්තයි. පළමු තට්ටුවට පොළොව දිගේ දුර ගමන යා හැකි අයුරින් රෝද විස්සක් සවිකර ඇත. දෙවැනි තට්ටුව දිය මතුපිටින් හා දිය යටින් සබ්මැරීනයක් ලෙස ගමන් කළ හැක. තුන්වන තට්ටුවට අහසේ පියාසර කළ හැක.
    රුක්ම විමාන :
    මෙම විමාන රන් පැහැයෙන් යුක්ත වේ.




    වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයට හා හෙළ සම්ප්‍රදායට අනුව පළමුව නියමුවෙක් එහෙමත් නැත්තම් විමානය පදවන්නෙක් පුහුණුකළ අනතුරුව විමානය නිර්මාණය කරනු ලැබේ. අතීතයේ විමාන නිපදවීමට ගුරුකුල තිබී ඇති අතර ගුරුකුලයේ ආචාර්යවරුන් හා ගුරුවරුන් එක් වී විමානය නිපදවීම හා එය පැදවීම කරවූ බවට සඳහන් වනවා. මෙවැනි ගුරු කුළ කීයක් හෙළ අධිරාජ්‍යය තුළ තිබුනාද කියා නිශ්චිතව කිව නොහැකිය. විමානය පදවන්නා හෙවත් දූතකයා අංගසම්පූර්ණ දූතකයෙක් වීමට රහස් 32ක් දැන ගත යුතුව තිබෙන බව වෛමානික ශාස්ත්‍ර පවසනවා. ඒවා නම් මෙසේය,

    මන්ත්‍ර
    තන්ත්‍ර
    ක්‍රිටක
    අන්තරාල
    ගුඪ
    දෘශ්‍ය
    අදෘශය
    පරෝක්ශ
    අපරෝක්ශ
    සංකෝච
    විස්තීරණ
    විරූපකරණ
    රූපාන්තරණ
    සුරූප
    ජෝතිර්බාව
    තමෝමායා
    පූලය
    විමුක්ත
    තාරා
    මහා ශබ්ද විමෝහන
    ලණ්සාන
    සර්ප ගමන
    චාපල
    සර්වතෝමුඛ
    පරශබ්ද ග්‍රාහක
    රූපාකර්ශණ
    ක්‍රියග්‍රහන
    දීක් ප්‍රදර්ශන
    ආකාශකාර
    ජලාධරූප
    සත්බදක
    කර්ෂණ
    මෙම ප්‍රගුණ කළ යුතු ශාස්ත්‍රයන්තර මන්ත්‍ර ශාස්ත්‍රය ඉතා ප්‍රබල තැනක් හිමිකර ගනී.මෙම ගුවන්‍යානා තුළ ප්‍රධාන ඉන්ධනයක් වශයෙන් රසදිය භාවිත කර තිබෙනවා. රසදිය බලගැන්වීම සඳහා මන්ත්‍ර විද්‍යාව බොහෝ ලෙස භාවිතා කර තිබෙනවා. යම් යානාවක් ගමන් කිරීම සඳහා ගණිතමය දැනුමක් අවශ්‍ය වෙනවා. පුරාණ පුස්තකයක් වන “මෝරි දෞර බැඳී පුස්තකය” නැමති ග්‍රන්ථයේ ජෝතිෂ්‍ය ගණිත කර්ම වන “කූඨ ගණිතය”, “විකූඨ ගණිතය”, “බහු ගණිත විද්‍යාව” නැමති ශාස්ත්‍ර යානා ගමන් කිරීම සඳහා භාවිතා කර ඇති බවට සඳහන් වනවා. එම ගණිත ක්‍රම සියල්ල එකතුකර “ආලෝක සූර්ය බන්ධන “ මන්ත්‍රය තුළින් රාවණා රජුගේ දඬුමොණර යානයෙන් පලිඟු බලගැන්වීම වූවා යැයි සඳහන් වනවා. දිවා කාලයේ පවතින සූර්යතාපය රාත්‍රී කාලයේ ද පවතිනවා. එම ශක්තිය ගබඩා කර ගැනීමට “සූර්යකාන්ත” නම් පළිඟු විශේෂය භාවිතා කර තිබෙනවා. එම පළිඟු තුළට ශක්තිය ගැබ් කිරීම සඳහා මෙම ආලෝක සූර්ය බන්ධන මන්ත්‍රය භාවිතාකර ඇත.සූර්‍ය කාන්ත පාෂාණය පමණක් නොව, “චන්ද්‍ර පාෂාණය”,“වෙල්ලප්ප පාෂාණය”, “ශිවන්ද පාෂාණය” වැනි පාෂාණ විශේෂ දඩුමොණරයේ එන්ජිම තුල මූලධර්ම වශයෙන් භාවිතා කර තිබෙනවා. මෙම පාෂාණ විශේෂ අදටත් “රාගල” ප්‍රදේශයේ පවතින බවට සඳහන් වනවා. මෙම පාෂාණ යානයේ අලංකාරයට ද භාවිතා කර ඇත. සූර්යාලෝකය උරා ගනිමින් රාත්‍රී කාලයේ මෙම යානා මගින් නිකුත් කළ “දාලිස්ස” හා “මුඝලස්ස” නම් රශ්මි ධාරාවන් පිළිබඳ සඳහන් වනවා.

    ගුවන් ගමනකදී ගුවන් නියමුවෙකුට වැදගත් වන ප්‍රධානතම අංගයක් වන්නේ ඇඳුම්. ගුවන් ගමනකට සැරසීමේදී භාවිතා කෙරන ඇඳුම් පිළිබඳව “වස්ත්‍රාදීකාරය” නමින් වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථය තුළ කොටසක් පවතිනවා. එහි සිංහල පරිවර්තනයේ සඳහන් වන පරිදි මෙසේය.

    ReplyDelete