Tuesday 25 February 2020

සපුගස්කන්ද රජමහා විහාරය (1 කොටසේ 3 වෙළුම) Sapugaskanda Rajamaha Viharaya...

1 comment:

  1. කොළඹ නුවර පාරේ කිරිබත්ගොඩ නගර‍යෙන් මාකොල හංදිය හරහා මේ විහාරයට යන්න පුලුවන්. "සපුගස්කන්ද" කියන්නෙ විහාරය පිහිටලා තියෙන විශාල ගල් කන්ද හදුන්වන්න භාවිතා කරපු නමක්. "ගලේ පන්සල" කියලා ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය වෙලා තියෙන මේ රජමහා විහාරය නිර්මාණය කරන්නෙ ලංකාවේ අන්තිම සිංහල රජතුමා වුණු "ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ" රජතුමා. ඒ ලන්දේසි පාලන අවධියේදියී. එහෙම නිර්මාණය කරපු මේ විහාරයේ පාලන කටයුතු භාර දෙන්නෙ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවටයි. 1505දි ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසී ධූත පිරිස, කෝට්ටේ රජතුමා හමුවෙන්න මාළිගාවට ගියපු මාර්ගය (පරංගියා කෝට්ටේ ගියා වගේ) වැටිලා තියෙන්නෙත් මේ රජමහා විහාරය ආසන්නයෙන්මයි. මේ විහාරය යටතේ පාලනය වුණු විහාරස්ථාන ද්විත්වයක් ගැන සදහන් වෙනවා. ඒ තමයි බියංවලමංකඩ පුරාණ ශ්‍රී මහා විහාරය සහ දෙමටගොඩ ශෛලාරාම විහාරය. හෙළ රජ දවස ඉදලම සපුගස්කන්ද රජමහා විහාරය ලෝ සුපතල මහා සංඝ පීතෘවරුන්ට සෙවණ ලබා දුන් විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.

    වැලිවිට සරණංකර සංඝරාජ, ටිබෙට් ජාතික එස්.මහින්ද, කලල් ඇල්ලේ ආනන්ද සාගර (කේයස්), බළංගොඩ ආනන්ද මෛත්‍රෙය, හීනටියන ධම්මාලෝක, තල්පාවිල ශීලවංශ, වල්පොල රාහුල, මංජු ශ්‍රී ආදී වශයෙන් සංඝ පීතෘවරු විශාල සංඛ්‍යාවක් සපුගස්කන්ද රජමහා විහාරයේ නේවාසිකව වැඩ ඉදලා තියෙනවා.

    ReplyDelete