Wednesday 12 February 2020

තුන් ලොවක් මවිත කල රවණා ගුවන් යානා තාක්ෂණය, (3කොටස 1වෙළුම) TR-3 B Ravana...

1 comment:

  1. වසර දෙදහස් පන්සීියයකින් තිතක් තබා ලියන්නට පටන් ගත් අපේ ඉතිහාසයේ නොලියවුණු දෙදහස් පන්සීියයකට එහා ගිය කතා පුවතක ට පණ දෙන්නට අවසරයි.

    හෙළයේ මහා සක්විති නරේන්ද්‍රයාණන් වන රාවණ රජුගේ ගුවන් යානා ගැන විස්තර ප්‍රධාන ශිෂ්ටාචාර වලින් හමුවන බවට අප මීට පෙරද කතා කර තිබෙනවා. ඒ අතරින් බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ හා සුමාර්වල සඳහන් වනවා. මෙම විමාන යානා ප්‍රවාහනයට හා යුද්ධයට යොදාගෙන ඇත. රාමායණයට අනුව ඉන්ද්‍රජිත් මේඝනාද නොහොත් රාවණ ගේ පුත් සහස්ග්‍රත නැමති යානයකින් නැග අහසේ වලාකුළු අතර සැඟවී වරකට ඊතල දොළොස් දහසක් යැවිය හැකි දුන්නත් යොදා ප්‍රහාර එල්ල කළ බව සඳහන් වේ.


    මෙම වාර්තාව විශ්ලේෂණයේ දී එම ආයුධය වර්තමාන GAU-8 Gatling වර්ගයේ කාලතුවක්කුවක ට සමාන ය. මෙම යානය ඉන්ද්‍රජිත් විසින් නිකුම්බිලා දේවියට අග්නි පූජා පැවැත්වීමෙන් අනතුරුව ලැබුණු බව සඳහන් වනවා. මෙම යානය මහා බ්‍රහ්මයාට අයත් බවත් සෑම යුද්ධයකදීම එය ඉන්ද්‍රජිත් හට ලැබෙන බවත්, යුද්ධයෙන් අනතුරුව එය නැවත භාරදිය යුතු බව, සඳහන් වනවා. බෞද්ධ සූත්‍ර පිටකයේ මහා බ්‍රහ්මයා ආභස්සර බඹලොවින් ආ බ්‍රහ්මයෙක් බව අප මීට පෙරද කතා කර තිබෙනවා. එයට අනුව ඉන්ද්‍රජිත් පිටසක්වල ජීවියකුගේ ආයුධ ගෙන ඇති බව ඔප්පු වෙනවා.


    රාම-රාවණ යුද්ධයෙන් පසුව හෙළ ඉතිහාසය ඉන්දියාවට පාවා දීමත් සමග ‍ක්‍රම ක්‍රමයෙන් විනාශය ආරම්භ වනවා. ඉන්පසු මෙම තාක්ෂණය ඉන්දියාවට ගොස් ඇත. අපගේ පුරාණ හෙළ පොත්පත් සියල්ල ඉන්දියාවට සංක්‍රමණය වී තිබෙනවා.ඇලෙක්සැන්ඩර් රජු ඉන්දු නිම්නය ආක්‍රමණය කරන විට අහසින් සහ ගුවන් යානා වලින් ප්‍රහාර එල්ල කළ බව සඳහන් වනවා. එම කාලය චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ තරුණ කාලයයි. එනම් අශෝක් රජ්ජුරුවන්ගේ මුත්තායි.




    අශෝක් අධිරාජයා ධර්මානුකූල මාවතකට එළඹීමත් සමඟ මෙවැනි අධි තාක්ෂණික ක්‍රම 9ක් පොත් කර ටිබෙටයේ අති දුෂ්කර ගිරි දුර්ග තුළ සැඟවූ බව සඳහන් කර ඇත. මෙම තාක්ෂණය ටිබෙටයේ තිබූ බව දැනගත් හිට්ලර් පුරාවිද්‍යා කණ්ඩායමක් යවා මෙම තාක්ෂණයෙන් කොටස් කිහිපයක් රැගෙනවිත් තිබෙනවා. මෙම කොටස්වල “රාම-සර” තාක්ෂණය අනුව යමින් “V-1 රොකටය” තැනූ බවට මතයක් තිබෙනවා. හිට්ලර් ගැන කතා කිරීමේදී ඔහුගේ නාසි ලාංඡනය වූයේ ස්වස්තිකයයි. ස්වස්තිකය යනු හෙලයාගේ ‍ප්‍රධාන ලාංඡනයකි. හෙල ආයුර්වේද විද්‍යාවේ ප්‍රධාන වශයෙන් අදටත් භාවිතා වන ලාංඡනයකි. වසර දහස් ගණනක් සිට හෙළයා භාවිතා කළ ස්වස්තිකය හිට්ලර් තමන්ගේ ප්‍රධාන ලාංඡනය කර ගැනීමට හේතු වූයේ කුමක්ද? ඔහුටත් අදහාගත් නොහැකි හෙළ තාක්ෂණය ද? ඔහු හෙළ තාක්ෂණයට ඒ තරම් දේවත්වයෙන් ගෞරව කළා ද? ප්‍රශ්නය මා සතුයි. පිළිතුරු සෙවීම් ඔබ සතුයි.



    චීනය 1960 දශකයේ ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමග, අශෝක රජු විසින් සඟවා තිබූ මෙම ග්‍රන්ථ සොයා ගන්නා ලදී. මෙම ග්‍රන්ථ පරිවර්තනය කිරීම ඉන්දියාවේ කර ඇත. එහෙත් ඉන්දියාව විසින් මෙම ග්‍රන්ථවල පරිවර්තන ගාස්තුව පමණක් ඇමරිකාවෙන් අයකරගෙන එහි පිටපතක් ඇමරිකාවට ලබා දී ඇත. එහිදී මතුවන ප්‍රශ්නය වන්නේ වර්තමාන ජාත්‍යන්තර නීතියට අනුව යම් රටකට අයිති පොතක් තවත් රටකට පැවරීමේ දී, එම පොතේ අයිතිය එම රට විසින් ඉල්ලිය යුතුය. එහෙත් ඉන්දියාව මෙම වෛමානික ශාස්ත්‍ර ඇතුළු තවත් තාක්ෂණයන් ඇතුළත් පොත් සියල්ල ඇමරිකාවට ලබා දී පරිවර්තන ගාස්තුව පමණක් අය කරගෙන ඇත. මේවා සැබෑ ලෙසම ඉන්දියාවට අයත් ග්‍රන්ථයක් නම් ඉන්දියාව විසින් මෙම පොත් වල අයිතිය ඉල්ලුවේ නැත්තේ ඇයි? මෙම ග්‍රන්ථවල සැබෑ උරුමය ඇත්තේ හෙළය සතුව නොවේද? ප්‍රශ්නයකි.

    දඬුමොණර යානය හෝ විමාන යානා පිළිබඳව සාක්ෂි හා රූසටහන් ප්‍රධාන ශිෂ්ඨාචාර වල සඳහන් වේ. එම සෑම ශිෂ්ටාචාරයකම අහසින් ආ ජීවීන් පිළිබඳව සඳහන් කර ඇත. මෙම සෑම ශිෂ්ටාචාරයකම මෙම ජීවීන් දේවත්වයෙහිලා සලකා ඇත. මෙයට ප්‍රධාන හේතුව ඔවුන්ට ගුවනින් යාමට හැකිවීමයි. දෙවියන් ගැන බැලීමේදී ඔවුන් රොකට් යානා භාවිතා කර ඇති බව පෙනේ.“වෛමානික ශාස්ත්‍ර” ග්‍රන්ථයේ මෙම රොකට් බලය පිළිබඳව සඳහන් වේ. වර්තමාන ගුවන් තාක්ෂණය සමග සසඳන විට රොකට් හා ජෙට් ගුවන් තාක්ෂණය පිළිබඳව ප්‍රශ්න නැත. නමුත් රසදිය එන්ජිම වර්තමානයේ භාවිතා නොවන්නකි. එසේ නම් එවැනි එන්ජින් තැනීම හා පරීක්ෂණ කිරීමෙන් මෙම ගුවන් යානා තාක්ෂණය පිළිබඳ තහවුරු කිරීමක් සිදුකළ හැකියි.



    ReplyDelete