Tuesday 11 February 2020

තුන් ලොවක් මවිත කල රවණා ගුවන්යානා තාක්ෂනය 2 කොටස 2වන වෙළුම Ravana Ravana...

1 comment:

  1. “විවිධ සෘතු වලටත් අහසේ ගමන් කරන දුරත් අනුව නියමුවා විසින් ඇඳිය යුතු ඇඳුම් පැළඳුම් විවිධ වෙයි. කැරකෙන ගෝලය මත (එනම් පෘථිවිය) සූර්යාලෝකය ලැබෙන විට සහ ගෝලයේ විවිධ ඇලවීම් අනුව සෘතුමය වෙනස්කම් ඇතිවේ. මිනිස් ශරීරයට ඇතිවන බලපෑම් විවිධාකාරය.මස්පිඩු තදවීම්, රුධිර ගලනය,සෛල කොටස්වල සංයුතිය සහ ක්‍රියාකාරීත්වය මේ අනුව වෙනස්වේ. සෘතුමය වෙනස්වීම් නිසා ඇතිවන අයහපත් බලපෑම් 25 ක් ඇති අතර, ඒවා, හම, ඇට, මස්, මේදය, මස්පිඩු, ස්නායු, සන්ධි සහ නියමුවාගේ අනෙකුත් ශරීරංගයන්ට අනුව ශරීරයට අහිතකර ලෙස බලපායි. මෙම වෙනස්කම් වලින් නියමුවාගේ ශරීරය ආරක්ෂා කරගැනීමට නියමුවාගේ ඇඳුම් සුදුසු ලෙස සැකසී තිබිය යුතුය.”

    “පට-සංස්කාරයට” අනුව සේද, කපු,පෙද,ලෝම,මයිකා, හම් යන රෙදි වල අමුද්‍රව්‍ය මයිකා සංතෘප්ත වතුරින් සෝදා නූල් කැටීමෙන් අනතුරුව විසිපස් වරක් සේදිය යුතුය. කේතකී මල් කෙදි, මදාරා, සූර්යකාන්ත, පොල්කෙඳි, ජූට් කෙදි ආදිය නම් ඉහත පරිදි 8 වරක් සෝදා නූල් කැට රෙදි වියයුතුය. ඉන් අනතුරුව තලතෙල්,තුල්‍ය නොහොත් බැසිල්,සාම් නොහොත් ඇකේෂියා සහ අබ තෙල් වල හොඳින් පොඟවා තබා දිනකට පස් වරක් බැගින් දින හතක් අව්වේ වේලා ගත යුතුය. ඉන් අනතුරුව දාස්පෙතිය, කොත්තමල්ලි, මී පැණි, තල ඉස්ම සහ මයිකා වලට සමාන ප්‍රමාණයක් යට-කොර, ලුණු ගෙන ගැන රවුම් භාජනයක දමා ඉඳිඹූ උදුනක තබා තුන් පැත්තකින් ගිනි පිඹින “මයිනහම” වලින් රත් කරගත යුතුය.”

    මෙි ආකාරයට ගුවන් නියමුවෙකු පිළිපැදිය යුතු වස්ත්‍ර පිළිබඳව වෛමාන ශාස්ත්‍ර පොතේ සඳහන් වනවා.

    ගුවන් නියමුවෙකුට ගුවන් ගමනක දී පමණක් නොව සාමාන්‍ය ජීවිතයේ දී ද නිවැරදි ආහාර රටාවකට හුරුවීම වැදගත් වේ. මේ පිළිබඳව වෛමාන ශාස්ත්‍ර පොතේ සඳහන් වනවා. “ආහාර අධිකාරිය” ලෙස කොටසක් මෙලෙස සඳහන් වෙනවා.

    “ඍතුවලට අනුව ආහාර මූලධර්ම වෙනස් වෙයි මේ අනුව ගත යුතු ආහාරයේ අඩංගු විය යුතු දෑ මෙසේය.

    වසන්ත හා ග්‍රීෂ්ම ඍතුවේදී දියර ලෙස මී කිරිද, ධාන්‍ය ලෙස ආදක පරිප්පු හෝ තුර්වා පරිප්පු ද, මස් ලෙස බැටළු මස් ද යෝග්‍යවේ.
    ශීත ඍතුවේදී එලුකිරිද, යව සහ කළු තලද, ගේ කුරුලු මස් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
    වර්ෂා සහිත සරත් ඍතුවේදී එළකිරි , තිරිඟු සහ කළු කවුපිද, කුකුළු මස් ද ගැනීම යෝග්‍ය වෙයි.

    ඍතුමය වෙනස්කම් වලින් ඇතිවන අහිතකර විෂ නිපදවීම සුදුසු ලෙස ආහාර වෙනස් කිරීමෙන් වළක්වා ගත හැක.

    අහසේ ඇති ජලය ස්වභාවය වෙනස්වීම සහ ජලය ප්‍රමාණය අනුපාතය අඩු වැඩි වීම ශරීරයට විවිධාකාර ලෙස බලපායි. අහස් වායුවේ ඇති බලවේග එකසිය එකක් ප්‍රමාණය දසයෙන් එකක් ජලය ඇති හත්වෙනි අවකාශ ස්ථානයේදී “සිනිවාලී” සහ “කූහෝ යෝග” සමග ගැටේ. මේවා පසළොස්වක සහ අමාවක සමඟ පුර සහ අව පක්ෂවලට වෙන් වේ. මේ නිසා සංඛ්‍යාවෙන් හත් කෝටි පනස් අට ලක්ෂ හත්සීයක් වන ‍යහපත් සහ අයහපත් ප්‍රතිඵල ඇති වේ. යහපත් ප්‍රතිඵල පුර පක්ෂයට ද අයහපත් ප්‍රතිඵල අව පක්ෂයට ද වේ.

    ආහාර ගන්නා වේලාව සහ ආහාර වේල් ගණන ඉතා වැදගත්ය.”

    ගුවන් යානයක් නිර්මාණය කිරීම පමණක් නොව ගුවන් යානයක් පැදවීමට විශාල ගුණ ප්‍රමාණයක් ප්‍රගුණ කළ යුතු බවට අපට මේවායින් තහවුරු වේ. පැරණි හෙළ ජාතිය කොතරම් විශ්මිත විරුවන්දැයි නිර්ණය කිරීමට තවත් කරුණු අවශ්‍ය නොවේ.

    මෙම ගුවන් යානා නිපදවීමට අමුද්‍රව්‍ය සොයා ගෙන ඇති ආකාරයට පිළිබඳව මෙම ග්‍රන්ථයේ සඳහන් වනවා.

    ““සෝමක”, “සෞන්දරික” සහ “මෞර්තවික” යනුවෙන් තුන් ආකාරයකට අයත් ලෝහ වර්ග වලින් මෙහි බඳ නිර්මාණය කර තිබෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ ඇති 7වන පාෂාණ තට්ටුව තුළ ඇති තුන්වන නිධිවල “සෝම” වර්ගයේ ලෝහ ඇත. උෂ්ණය උරාගන්න ලෝහ වර්ග තුනක් මෙම නිධිවල ඇත. මේවා “බීජ ලෝහ” ලෙස හැඳින්වේ.ලෝහ නිධි දරාගත් පාෂාණ තට්ටු තුන් දහසක් පමණ පොළොව අභ්‍යන්තරයේ ඇත. හත්වන ස්ථරයේ මෙවැනි ලෝහ වර්ග 24කි.මින් තුන්වන වර්ගය අනික් ඒවාට වඩා පස් වරක් අගනේය.”

    මේ ආකාරයට පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණ තට්ටු හා අනු ස්තරයන් වල ඇති පාෂාණ ලබාගන්නා ආකාරය, ඉතා අනර්ඝ ලෙස යොදා ගනිමින් යානා නිපදවන ආකාරය මෙම ග්‍රන්ථයන්හි පැහැදිලි කර තිබෙනවා. ඉතින් හෙළයාට අයිති මේ විශ්මිත තාක්ෂණය පසුකාලීනව ඉන්දියාවේ ග්‍රන්ථ වී තිබෙනවා.

    කෙසේවෙතත් යමෙකුට නැගෙන ප්‍රශ්නය වන්නේ මෙතරම් මූලාශ්‍ර තිබිය දී ඇයි මෙම යානාවල වර්තමාන භාවිතය නැත්තේ යන්නයි. අපට අයිති අපේම උරුමය පිටරැටියන් සූරාගෙන යද්දී ඇස් කන් පියාගෙන සිටින අප නිද්‍රාශීලී ජාතියක් ලෙස බටහිරුන් දැකීමේ වැරැද්දක් නැත. ඇමරිකාව වර්තමානය වන විට මෙම යානා නිපදවා හමාරයි. ඒ පිළිබඳව සවිස්තරාත්මකව ඊළග ලිපියෙන් හමුවෙමු.

    ස්වස්ති සිද්ධම්…!!!

    ReplyDelete